වසන්ත මුදලිගේ නිදහස් කිරීම ගැන අභියාචනයක් ගොනු කිරීමට පොලිසිය සැරසෙයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ වරදවල් සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම විමර්ශන ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය විසින් සිදු කළ බවයි.

අදාළ නඩුව පසුගිය ජනවාරි මස 31 වනදා කැඳවූ අවස්ථාවේදීයි වසන්ත මුදලිගේ නිදහස් කරමින් අධිකරණය නියෝගය ලබාදුන්නේ.

එම නියෝගය සම්බන්ධයෙන් පවතින නෛතික විධි විධාන ප්‍රකාරව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය විසින් අද නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කළා.

එම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 80303/01/22 යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර, එම පනත ප්‍රකාරව සැකකරුට එරෙහිව කිසිදු වරදක් අනාවරණය නොවන බවට තීන්දු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගිය 31 වැනිදා එම සැකකරු නිදහස් කරමින් නියෝගයක් නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56