spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිඹුලාගල සිරිපුර නගරයේ බසයක් තුළ අපූරු හෝටලයක් (ඡායාරූප)

දිඹුලාගල සිරිපුර නගරයේ බසයක් තුළ හෝටලයක් පවත්වාගෙන යන අපූරු පුද්ගලයෙක් ගැන වාර්තා වෙනවා.

සවස 2 සිට රාත්‍රී 11 පමණ වන තෙක් බසයක් තුළ පවත්වාගෙන යන මෙම හෝටලයට රාත්‍රියේ කාලයේදී විදුලිය ලබාගනු ලබන්නේ බසයේ සවික කරන ලද බැටරි දෙකකින් වීමත්, අනෙකුත් හෝටල්වල පවතින සියලු පහසුකම් මෙම බසයේ තිබීමද විශේෂත්වයක් වන අතර ශීතකරණ, විදුලිපංකා, පානීය ජලය, සින්ක්, කොත්තු, රයිස්,ඉදිආප්ප, නූඩ්ලස්, පරාටා, ඇතුළු වී විවිධ කෑම වර්ග තිබීම නිසා පාරිභෝගිකයන් විශාල වශයෙන් මෙම බසයේ හෝටලයට පැමිණෙන බවත් වාර්තා වෙනවා.

මෙලෙස බසයක් තුළ හෝටලයක් පවත්වාගෙන යනු ලබන්නේ සිරිපුර පදිංචි 42 දෙදරු පියක්.

මංගල සාද, මෙන්ම විවිධ උත්සව අවස්ථා භාර ගනිමින් දිවා රාත්‍රී ඕනම ස්ථානයකට ගොස් හෝටල් සේවා පහසුකම් සපුරන මෙම පුද්ගලයා කොරෝනා වසංගතය සමයේදී සිට මෙම බසය තුළ හෝටලය පවත්වාගෙන යන අතර ඉන්ධන හිඟයට, විදුලිය විසන්ධියට මෙය විසඳුම්ක් වන අතර පාරිභෝගිකයන්ට අලුත් අත්දැකීමක් ද වනවා.

නගරයේ සෙසු හෝටල්වලට වඩා බසයේ තම හෝටලයට පාරිභෝගිකයින් පැමිණෙන බවත්, ඕනෑම අයෙකුට අලුත්, අලුත් දෑ නිර්මාණය කරමින් තමන්ගේ ජීවිතයේ ජයගැනීමට හැකියාව පවතින බවත්, මෙම බසය තුළ හෝටලය පවත්වාගෙන යෑමට බිරිඳගේ, මෙන්ම දරුවන් දෙදෙනාගේ සහාය අඛණ්ඩව හිමිවන බවත්, තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන, ජීවිතය සරුකර ගැනීමත් සිිදුකරන්නේ මෙම ව්‍යාපාරයෙන් පමණක් බවත්, ඉන් ජීීවිතය ජයගැනීමට හැකියාව උදාවී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
103
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?