බැංකි මූන් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 06 වනදා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා මෙරට තිරසර සංවර්ධනයට අදාලව මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාලව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බව සඳහන්.

බෑන් කී මූන් මේ වන විට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

බැන්කි මූන් මහතා මෙරට දී ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ එම ආයතනයේ ප්‍රධානියා ලෙසයි.

මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.

එම ගිවිසුම් අනුව කොරියාව සමඟ එක්ව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 07 දා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ලෙස බෑන් කී මූන් මහතා මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙරටට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27