spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැංකි මූන් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 06 වනදා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා මෙරට තිරසර සංවර්ධනයට අදාලව මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාලව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බව සඳහන්.

බෑන් කී මූන් මේ වන විට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

බැන්කි මූන් මහතා මෙරට දී ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ එම ආයතනයේ ප්‍රධානියා ලෙසයි.

මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.

එම ගිවිසුම් අනුව කොරියාව සමඟ එක්ව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 07 දා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ලෙස බෑන් කී මූන් මහතා මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙරටට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?