ඉන්දියාවෙන් මැලේසියාවටත් බිත්තර

ඉන්දියාව බිත්තර මිලියන 50ක් මැලේසියාවට අපනයනය කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

යුක්රේන යුද්ධය හේතුවෙන් ආහාර මිල ඉහළ යාම නිසා කුඩා පරිමාණ ගොවීන් බොහෝ දෙනෙකුගේ නිෂ්පාදනය අඩාල වීම හේතුවෙන් මැලේසියාවේ උග්‍ර බිත්තර හිඟයක් පවතින බවටයි වාර්තා වන්නේ.

ඕමානය සහ කටාර් ඇතුළු මැදපෙරදිග රටවල් ඉන්දියාවෙන් බිත්තර මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවන් වුව ද පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ ඉහළම සැපයුම්කරුවන්ගේ නිෂ්පාදන පහත වැටීම නිසා ඉන්දියාවට විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

එවැනි විශාලතම ඇණවුම පැමිණියේ සිංගප්පූරුවට සහ අනෙකුත් ආසියානු රටවලට ද බිත්තර අපනයනය කළ මැලේසියාවෙන්.

මැලේසියානු කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය මොහොමඩ් සාබු පසුගිය දා දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, ප්‍රමුඛ පෙළේ අභිජනනාගාර පිහිටා ඇති නාමක්කල් ප්‍රදේශයේ වෙත සංචාරයක නිරත වුණා.

ඒ මැලේසියාවේ බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ රට තුල බිත්තර සැපයුම සුරක්ෂිත කිරීම වෙනුවෙන් තීරණයක් ගැනීම සඳහායි.

පළමු වතාවට මැලේසියාව ඉන්දියාවෙන් බිත්තර විශාල ප්‍රමාණයක් මිලදී ගන්නා අතර, 2023 පළමු භාගයේදී ඉන්දියාවේ බිත්තර අපනයනය ශක්තිමත්ව පවතිනු ඇති බවයි ඉන්දියාවේ බිත්තර අපනයනකරුවන්, විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දියාව පසුගිය දෙසැම්බර් මාසයේදී මැලේසියාවට බිත්තර මිලියන 5ක් අපනයනය කළ අතර මෙම ජනවාරි මාසයේදී බිත්තර මිලියන 10ක් සහ පෙබරවාරි මාසයේදී මිලියන 15ක් යවනු ඇති බවයි වාර්තා වන්නේ.

කුරුළු උණ ලෙස පොදුවේ හැඳින්වෙන කුරුළු ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම, ලොව පුරා බොහෝ රටවල බිත්තර සහ කුකුල් මස් සැපයුම සීමා කර තිබෙනවා.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම හේතුවෙන් මැලේසියාව තුල දෙසැම්බර් අග භාගයේදී දී දක්නට ලැබුණු ඉහළ මිල පහත යමින් පවතිනවා.

නොවැම්බර් මාසයේදී බිත්තර මිලියන 157ක හිඟයකට මුහුණ දුන් මැලේසියාව පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දෙසැම්බර් මාසයේදී බිත්තර වෙළඳ පල පරතරය මිලියනයක් දක්වා අඩු වූ බවයි.

රජය සහනාධාරයක් ලබාදී ඇති බැවින් මැලේසියාවේ බිත්තර නිෂ්පාදනය මාස කිහිපයකින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි මැලේසියාවේ පශු සම්පත් සංගමයේ සභාපති පෙන්වා දෙනවා.

කුඩා පරිමාණ ඉන්දියානු ගොවීන් ආහාරවල ඉහළ මිල හේතුවෙන් පසුගිය වසර දෙක තුළ පාඩු ලැබීමෙන් පසු නිෂ්පාදනය සීමා කර ඇති බැවින් ඉන්දියාවේ දේශීය බිත්තර සැපයුම් ද පහත වැටී තිබෙනවා.

මේ අතර සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව වැනි රටවල් ඉදිරි මාසවලදී ඉන්දියාවෙන් බිත්තර මිලදී ගැනීමට ඊළඟට සුදානම් විය හැකි බව අපනයනකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12