සිය මුණුපුරා සහ මිණිබිරිය ඔත්තු බැලීමට යොදවා කාන්තාවක් මෙහෙය වූ සූදුපොළක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
එහිදී පිරිමි පුද්ගලයන් සිව්දෙනකු ඇතුළු හත්දෙනෙක් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.
අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගොස් ඇති මෙම සූදුපොළ 87 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් විසින් මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ නිවසක් තුළ පිරිසක් යම් සැක කටයුතු කාර්යයක නිරත වන බවට ලද තොරතුක් මත අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී මෙම පිරිස සූදු ක්‍රීඩාවේ නිරතව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී ඔට්ටු තැබීමට රැගෙන ආ රුපියල් 24,000ක මුදලක් ද සොයා ගැනීමට හැකිව ඇති බව සඳහන්.
මෙම සූදුපොළ පවතවාගෙන ගිය වයෝවෘද්ධ කාන්තාව මීට පෙර ද අවස්ථා දෙකක දී මෙවැනි වැරදිවලට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි අවවාද කර, ඇඟ බඳින ලද සැකකාරියක් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.