අභිරහස් ආකාශ වස්තුවක් හවායි දූපත්වලට ඉහළ අහසේ (වීඩියෝ)

හවායි දූපත්වලට ඉහළ අහසේ දර්ශනය වූ අභිරහස් ආකාශ වස්තුවක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සර්පිලාකාර හැඩයෙන් යුත් මෙම අභිරහස් වස්තුව ජපාන තාරකා විද්‍යාඥයන්ට නිරීක්ෂණය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර මෙම වස්තුවේ ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ජපානයේ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ විද්‍යාඥන් විසින් සුබරු දුරේක්ෂය හරහා මෙම අභිරහස් ආකාශ වස්තුව නිරීක්ෂණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

පසුගිය 18 වනදා හවායි හි මවුනකේයා දූපතට ඉහළින් අහසේ මෙම අභිරහස් ආකාශ වස්තුව නිරීක්ෂණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?