හඳුනා නොගත් රෝගයක් නිසා අගනුවරක් වැසේ

ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් ශ්වසන රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු කොරියාවේ අගනුවර අගුලු දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

උතුරු කොරියාවේ රජයේ මාධ්‍යය සහ එරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බලධාරීන් විසින් එලෙස Pyongyang අගනුවර අගුලු දැමීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.

“විශේෂ වසංගත විරෝධී කාල පරිච්ඡේදයක් ස්ථාපිත කර ඇති” බවත් මේ හේතුවෙන් පුද්ගලයින්ට සිය නිවාස තුලම සිටින ලෙසත්, පුද්ගලයන් දිනකට සිව් වතාවක් තම උෂ්ණත්වය මැන බලා එහි වාර්තාවන් දුරකථනය ඔස්සේ රෝහලකට වාර්තා කරන ලෙසට ද උතුරු කොරියානු බලධාරීන් විසින් නියෝග නිකුත් කර ඇත්තේ.

කෙසේ වුවද උතුරු කොරියානු රජය විසින් නිකුත් කර ඇති නිවේදනයේ කිසිදු විටක කොවිඩ් වසංගත තත්ත්වය ගැන සටහනක් තබා නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

මේ අතර දකුණු කොරියාවේ NK ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටියේ උතුරු කොරියාවේ ජනතාව දෛනික අවශ්‍යතාවයන් සඳහා වන භාණ්ඩ කල් තියා රැස්කර ගැනීමට පෙළඹී ඇති බවයි.

එමෙන්ම උතුරු කොරියාවේ අගනුවර හැර වෙනත් ප්‍රදේශ අගුලු දැමීමක් සිදුකර ඇත්ද යන්න ගැන මෙතෙක් නිල වශයෙන් තොරතුරු ලැබී නොමැති බවද දකුණු කොරියාව පවසනවා.

මෙම අගුලු දැමීම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක්මීට පෙර ලැබීමෙන් පසු ජනතාව භාණ්ඩ තොග ගබඩා කර ඇති බව ද සඳහන්.

නව නිවේදනයේ දැක්වෙන්නේ දැනට අගනුවර පැතිර යන රෝගවලට සෙම්ප්‍රතිශ්‍යාව ද ඇතුළත් වන නමුත් COVID-19 සම්බන්ධයෙන් සඳහන් කර නොමැති බවයි.

නව අගුලු දැමීම අනුව ඉරිදා දක්වා ජනතාව තම නිවෙස්වල රැඳී සිටිය යුතු අතර දිනකට කිහිප වතාවක් උෂ්ණත්ව පරීක්ෂාවන්ට යටත් විය යුතු බව දැනුම්දී තිබෙනවා.

උතුරු කොරියාව පසුගිය අගෝස්තු මාසයේදී ප්‍රකාශ කළේ COVID-19 තම භූමියෙන් සම්පූර්ණයෙන්ම තුරන් කළ බවයි.

අඟහරුවාදා Pyongyang හි උෂ්ණත්වය -2 F (-19 C) දක්වා පහත වැටීම නිසා රාජ්‍ය මාධ්‍ය මේ සතියේ ශීත කාලගුණ අනතුරු ඇඟවීම් ද නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38