අනියම් බිරිඳ බලන්න ගිය පුද්ගලයෙකුට අමතක නොවෙන පාඩමක්

තම අනියම් බිරිඳ බැලීමට ගිය පුද්ගලයෙකු එම කාන්තාවගේ සැමියා වෙත හසු වී ගස්බැඳ පහරකෑමට ලක්වූ සිදුවීමක් ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (25) රාත්‍රී මෙම පුද්ගලයා විසින් කාන්තාවගේ නිවසට පැමිණි අවස්ථාවේදීයි මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ.

කාන්තාවගේ සැමියා මෙම පුද්ගලයා නිවසට පැමිණෙන ආකාරය පිළිබඳ කාලයක සිට ඉතා විමසිල්ලෙන් බලාගෙන සිට ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අනතුරුව ඊයේ දිනයේ දී මෙම කාන්තාවගේ සැමියා විසින් තම නිවසට බලහත්කාරයෙන් පුද්ගලයෙකු ඇතුළු වූ බව පවසමින් ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇතැයි සඳහන්.

පසුව ප්‍රදේශවාසීන් ද එක්ව මෙම පුද්ගලයා ගසක බැඳ පහර දී ඇති බවටයි වාර්තාවන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ගලෙන්බිඳුණුවැව කොකාවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු බවට සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?