පසුගිය දින තමාව කාර්යාල අඩස්සියේ රඳවාගෙන සිටි බව පවසමින් කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන විසින් කරන ලද පැමිණිල්ලට අදාළව මරදාන පොලිසිය මාලිගාකන්ද අධිකරණයට කරුණු දැක්වීම සිදු කළා.
රුක්ෂාන් බෙල්ලන ඉකුත් 21 වෙනි දින මරදාන පොලීසියට පැමිනිල්ලක් කරමින් පැය පහකට ආසන්න කාලයක් තමන්ව නිල කාමරයේ අඩස්සියේ තබා ගෙන මරණ බියක් ඇති වන අයුරින් කටයුතු කර තමන් අපහසුතාවයට පත්වන පරිදි වතුර ගැසූ බව පවසමින් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇතුළු හය දෙනකුට ලබන මස 13 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කර තිබෙනවා.
රජයේ රෝහල්වල ඇතැම් කණිෂ්ඨ සේවකයන් රාජකාරී වේලාව තුළ ගංජා බොන බවත් ඔවුන් රෝගීන්ගේ වටිනා බඩුබාහිරාදිය සොරකම් කරන බවටත් කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සිදුකළ බව කියන ප්‍රකාශයකට විරෝධය දක්වමිනුයි කණිෂ්ඨ සේවකයන් පිරිසක් ඉකුත් 19 වෙනි දින ඔහුගේ නිල කාමරයේ පැය පහකට ආසන්න කාලයක් අඩස්සියේ තබා ගෙන විරෝධය දක්වා තිබුනේ.
මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අධිකරණය වෙත කරුණු වාර්තා කෙරිණි.