නානුඔයේ දී අනතුරට පත් බස් රථයේ සිටි පාසල් ළමුන් අද කොළඹට

නානුඔය – රදැල්ල ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෙනත් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකට ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ වෑන් රථයක ගමන් කරමින් සිටි 06 දෙනෙකු සහ ත්‍රිරෝද රථයක සිටි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට පත්වන අවස්ථාවේ දී වෑන් රථයේ පුද්ගලයින් 09 දෙනෙකු ගමන්කරමින් සිට ඇති අතර, ඉන් තුවාල ලැබූ තිදෙනෙක් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

අනතුරට පත් බස් රථයේ සිටි පාසල් ළමුනගෙන් ළමුන් සිව්දෙනෙකුට පමණක් සුළු තුවාල සිදුව ඇති අතර, අනෙක් ළමුන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි අද (21) උදෑසන වනවිට වාර්තා වුණේ.

මේ අතර, බස් රථයේ සිටි ළමුන් සියලු දෙනා අද දිනයේ කොළඹ වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.

බස් රථය තුළ තර්ස්ටන් විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසුන් 41දෙනෙක්, ගුරුවරු සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වුණේ.

අනතුරට පත් වැන් රථයේ සිටි පස්දෙනකු එකම පවුලේ සාමාජිකයින් බව සඳහන්.

ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

මේ අතර, අනතුරට ලක්වූ සිසුන්ට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02
Video thumbnail
CCTV වීඩියෝවෙන් ලියවුණු පොඩි පුතාගේ අඳුරු අනාගතය - හෙට මේ දරුවා කොහේ නවතියිද ?
02:51