නානුඔය අනතුර ගැන ජනපතිගේ අවධානය – තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සහාය දෙන්නැයි උපදෙස් (ඡායාරූප)

නානුඔය – රදැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට ඊයේ (20) උපදෙස් ලබාදී තිබෙනවා.

තුවාල ලබා බරපතල තත්ත්වයේ පසුවන අය අවශ්‍ය නම් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට අවශ්‍ය සියලු සහය ද ලබා දෙන ලෙසටයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝද රියක සහ වෑන් රථයක ගැටීමෙන් ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදුවුණා.

පොලිසිය සඳහන් කළේ අනතුරින් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 51 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ 06 දෙනෙක් සහ අනතුරට මැදි වූ ත්‍රීරෝද රථයක ගමන් කළ අයෙක්.

අනතුරින් බස් රථයේ ගමන් කළ පාසල් සිසුන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02
Video thumbnail
CCTV වීඩියෝවෙන් ලියවුණු පොඩි පුතාගේ අඳුරු අනාගතය - හෙට මේ දරුවා කොහේ නවතියිද ?
02:51