ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අරක්ගත් ‘බෝන් අගේන්’ ගැන කමිටු වාර්තාව ගැන අභියාචනාධිරණයට දැනුම්දීමක්

පසුගියදා ඕස්ට්‍රේලියාවේ දී අවසන් වූ T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ල වී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු කමිටු වාර්තාව නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් සිටින බව අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අද (20) අභියාචනාධිරණයට දැනුම් දුන්නා.

අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා යන අය විසින් ගොනුකළ පෙත්සමක් අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේදී යි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් එම දැනුම්දීම සිදුකර ඇත්තේ.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පරීක්ෂණ වාර්තාව ඊයේ දින නීතිපතිවරයා වෙත ලැබුණු බවත් නීතිපතිවරයා එම වාර්තාවේ අන්තර්ගත කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

එම අධ්‍යයනයෙන් අනතුරුව නීතිපතිවරයා සිය ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දීමට නියමිත බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඒ, අනුව පෙත්සම පෙබරවාරි මස 01 වනදා කැඳවීමට ද අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටියේ පසුගිය ඔස්ට්‍රේලියානු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ල වී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවයි.

එම කමිටුව විසින් පරීක්ෂණ පවත්වා එහි වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාරදී ඇති බවත් පෙත්සමේ සඳහන්.

අදාළ වාර්තාවේ අන්තර්ගත කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21