හිටපු ඇමති රිෂාඩ්ගේ පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ වනාන්තර විනාශ කිරීමේ සිද්ධියට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව ලබා දී ඇති තීන්දුවක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා මාර්තු මස 17 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ මෙම අභියාචනා පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයා වන මහින්ද සමයවර්ධන මහතා මෙම නඩුවේ අභියාචනාධිකරණ නඩු කටයුත්තට සහභාගී වී ඇති බවයි.

ඒ අනුව අදාළ පෙත්සම මහින්ද සමයවර්ධන මහතා නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මාර්තු මස 13 දා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි කල්ලාරු හා මරිච්චිකට්ටු යන ප්‍රදේශයන් හි පිහිටි වනාන්තර කපා ඉවත් කිරීම තුළින් පාරිසරික විනාශයක් සිදුවී ඇතැයි චෝදනා කර පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත්කර තිබුණා.

2020 වසරේ මෙම රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය වන විනාශය සිදු වූ ප්‍රදේශවල සිය පෞද්ගලික වියදමින් ගස් රෝපණය කිරීමට පියවර ගන්නා ලෙසටයි රිෂාඩ් බදියුදීන්ට නියෝග කළේ.

එම නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙස ඉල්ලමින් රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32