ලොව වයස්ගතම පුද්ගලයා ලොව හැර යයි

ලොව වයස්ගතම පුද්ගලයා වූ, ප්‍රංශ ජාතික කන්‍යා සොයුරි ලුසීල් රැන්ඩන්, වයස අවුරුදු 118ක්ව තිබියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1944 වසරේ දී කන්‍යා සොයුරියක් බවට පත්වන විට ‘සිස්ටර් ඔන්ඩ්‍රේ’ යන නම ලබාගත් රැන්ඩන්, ප්‍රංශයේ තූලොංහි පිහිටි ඇගේ සාත්තු නිවාසයේ දී ම ජීවිතක්ෂයට පත්ව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1904 වසරේ දකුණුදිග ප්‍රංශයේ උපත ලැබූ ඇය ලෝක යුද්ධයන් දෙකක් සියැසින් දුටු අතර, ජිවිතයෙන් වැඩි කොටසක් කතෝලික ධර්මය වෙනුවෙන් කැප කළා.

තම දිගු ජිවිතයේ රහස “දෙයියොම තමයි දන්නේ”, යනුවෙන් ඇය එක් අවස්ථාවකදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර තිබුණා.

‘ටුවර් ඩි ෆ්‍රාන්ස්’ නම් පාපැදි තරගාවලිය එක් වරක් පමණක් පවත්වා තිබූ සමයක ඉපදුණු ඔන්ඩ්‍රේ කන්‍යා සොයුරිය ප්‍රංශයට රාජ්‍ය නායකයින් 27 දෙනෙකුගේ පත්වීම් මෙන්ම ධුරවලින් නික්ම යාම ද දැක ගැනීමට වාසනාවන්ත වුණා.

ඇගේ සාත්තු නිවාසයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන ඩේවිඩ් ටැවෙලා, ඇගේ අභාවය පිළිබඳ පුවත ඊයේ (17) මාධ්‍වේදීන්ට නිවේදනය කළා.

“මේක ලොකු ශෝකයක්, නමුත්… එතුමියගෙ අපේක්ෂාව වුණේ එතුමියගේ ආදරණීය පියාණන් හා සම්බන්ධවීම යි. ඒ නිසා, ඇයට මේක විමුක්තිය ලැබීමක්,” ටැවෙලා ප්‍රකාශ කර තිබෙනවා.

ඔන්ඩ්‍රේ කන්‍යා සොයුරියට ඇගේ සොයුරන් සමග සමීප සබඳතාවක් තිබුණේයැ යි පැවසෙන අතර ඇය වරක් වාර්තාකරුවන්ට පැවසූ පරිදි, ඇගේ සොඳුරුතම මතකයන්ගෙන් එකක් වන්නේ, සටන් බිමේ සිටි ඔවුන් පළමු ලෝක යුද්ධය අවසානයේ දී ආරක්ෂිතව ආපසු පැමිණීම යි.

“ඒක හරි දුර්ලභ යි,” ඇය සිහිපත් කළා. “සාමාන්‍යයෙන් පවුල්වල, දෙන්නෙක් පණපිටින් ඉන්නවට වඩා, දෙන්නෙක් මැරිලා යන එක තමයි සිද්ධ වුණේ.”

අන්ධවුවත්, රෝද පුටුවකට සීමාවී සිටියත්, ඔන්ඩ්‍රේ කන්‍යා සොයුරිය අනෙකුත් වයස්ගත පුද්ගලයන් පිළිබඳව ද සැලකිලිමත්ව සිටි බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇයට වඩා වයසින් බොහෝසේ බාල තැනැත්තන් වීම විශේෂත්වයක්.

AFP පුවත් ඒජන්සිය සමග පසුගිය අප්‍රේල් මාසයේ දී පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ඔන්ඩ්‍රේ කන්‍යා සොයුරිය මෙලෙස ප්‍රකාශ කර තිබුණා. “මිනිස්සු කියනවා වැඩියෙන් වැඩ කළාම මැරිලා යනවා කියලා. නමුත් මාව පණපිටින් තියාගත්තේ වැඩ කරන එක යි. මම මට අවුරුදු 108ක් වෙනකල් වැඩකළා.”

එම සම්මුඛ සාකච්ඡාව අතරතුර දීම ඇය පවසා සිටියේ, ඇයට ස්වර්ගය වඩාත් හොඳ වනු ඇති නමුත්, චොකලට් කෑම හා දිනපතා වයින් වීදුරුවක් පානය කිරීම වැනි ලෞකික සැප ඇය භුක්ති විඳිමින් සිටිනබව යි.

ඇය ‘යුරෝපයේ වයස්ගතම තැනැත්තා’ යන කිරුළ ටික කලෙක පටන් දැරූමුත්, පසුගිය අප්‍රේල් මාසයේ දී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වූයේ එතෙක් එම කිරුළ දැරූ කනේ තනාකා නම් ජපන් ජාතික කාන්තාව 119 වැනි වියේ දී අභාවප්‍රාප්තවූ අවස්ථාවේදීයි.

ඇය ලෝක වාර්තා පොතට ඇතුළත්වූ පළමු අවස්ථාව එය නොවන අතර 2021 වසරේදී ඇය කොවිඩ්-19 වැළඳී සුව අතට හැරුණු වයස්ගතම පුද්ගලයා බවට ද පත් වුණා.

ඔන්ඩ්‍රේ කන්‍යා සොයුරිය උපන්නේ ප්‍රොතෙස්තන්ත පවුලකයි. නමුත් පසුව කතෝලික දහම අදහන්නට ගත් ඇය 26 වැනි වියේ දී බව්තීස්මය ලැබුවා.

“තවත් දුරට යෑමේ” ආශාවෙන් පෙළුණු ඇය, කතෝලික පල්ලියට සම්බන්ධ වීමට තීරණය කිරීමෙන් 15 වසකට පසු ‘ඩෝටර්ස් ඔෆ් චැරිටි’ නම් කන්‍යා සොයුරි නිකායකට බැඳුනා.

ඇය ප්‍රංශයේ විචීහි රෝහලකට අනියුක්ත කෙරුණු අතර, ඇගේ ‘වැඩ කිරීමේ වයසින්’ වැඩි කලක් (31 වසරක් පමණ) ගෙවුණේ එහි දී යි.

ඇය සහභාගී වූ අවසන් සම්මුඛ සාකච්ඡාවන්ගෙන් එකක දී ඇය මාධ්‍යවේදීන්ට මෙසේ පැවසුවා: “මිනිස්සු එකිනෙකාට වෛර කරගන්නවා වෙනුවට එකිනෙකාට උදව් කරන්න ඕනේ, ආදරේ කරන්න ඕන. අපි ඒ ඔක්කොම බෙදාහදාගත්තොත්, මේ දේවල් මීට වඩා ගොඩක් හොඳ අතට හැරේවි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20