Empty Ad
AFC Banner
Empty Ad

මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දිය නොහැකි බවට මහා භාණ්ඩාගාරය විසින් මේ දක්වා දැනුම්දීමක් කර නොමැති බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමෙ තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළා.

මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මහ භාණ්ඩාගාර ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටී අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට තම සේවාදායකයාට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා ආසන්න දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස නියම කළා.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් මතු වී තිබියදී පළාත් පාලන ඡන්දය මෙම අවස්ථාවෙහි පැවැත්වීම තුළින් මහ ජනතාවට කිසිදු යහපතක් නොවන බැවින් ඒ පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49

?