අතුරුදන් වූ දැරියක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

අතුරුදන්ව සිටින අවුරුදු 15ක වයසැති දැරියක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ තෙල්දෙණිය අඹකොටේ ප්‍රදේශයේ පදිංචි දැරියක්.

ඇය පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මස 13 වනසා සිට අතුරුදන්ව සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

දැරිය ඔක්තෝබර් 13 වනදා පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් විසින් තෙල්දෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන තෙල්දෙණිය පොලිසිය පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස 13 වනදා මෙම දැරිය සිය පාසලේ මිතුරියක සමග පාසලට නොගොස් මහනුවර සිට කොළඹ දක්වා දුම්රියෙන් පැමිණ ඇති බවයි.

එහිදී දුම්රියේ සිටි තරුණයෙකු විසින් මෙම දරුවන් පිළිබඳව සැක සිතී දරුවන්ගෙන් තොරතුරු විමසා ඇතැයි සඳහන්.

පසුව ඒ සම්බන්ධව දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් පැමිණෙන තුරු දරුවන්ව ඔහු භාරයේ තබාගන්නා ලෙසටයි දෙමාපියන් අදාළ තරුණයාට දන්වා ඇත්තේ.

එමෙන්ම දෙමාපියන් පැමිණෙන තෙක් ඔවුන් ගෝල්ෆේස් පිටියේ රැඳි සිට ඇති අතර එසේ සිටින අතරතුරදී මෙම දැරිය ඔවුන් මඟහැර ගොස් තිබෙනවා.

සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අතුරුදන්වී ඇති දැරිය සමග සිටි අනෙක් දැරිය දෙමාපියන් වෙත එම තරුණයා විසින් භාරදී ඇති බවයි.

අතුරුදන් දැරිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර දැරිය සොයාගැනීම සඳහා මහජන සහාය අවශ්‍ය බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ දැරිය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් පහත සඳහන් දුරකථන අංක හරහා දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

තෙල්දෙණිය පොලිස්ථානය – 081 237 4073

තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂක – 071 859 1066

girl


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19