කංජිපානි ඉම්රාන් තමිල්නාඩුවට පැන යයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙක් වන වන කංජිපානි ඉම්රාන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

තමිල්නාඩු බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර වෙරළබඩ දිස්ත්‍රික්කවල ඉහළ පොලිස් නිලධාරීන්ට දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙසටයි.

කුප්‍රකට පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි’ ඉම්රාන් මෙරට අධිකරණයකින් ඇප මත මුදාහැර දින කිහිපයකට පසු මෙලෙස රාමේෂ්වරම් ප්‍රදේශයට යාම විශේෂත්වයක්.

වෙරළබඩ දිස්ත්‍රික්කවල සෝදිසියෙන් සිටින ලෙසට සහ දෙසැම්බර් 25 වන දින රාමනාතපුරම් දිස්ත්‍රික් වෙරළ තීරයට ගොඩ බැස ඇති කංජිපානි ඉම්රාන් මෙන්ම ඔහුගේ සගයා පිළිබඳ සොයා බලන ලෙසටයි තමිල්නාඩු බුද්ධි අංශ ප්‍රාන්තය පුරා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අනතුරු අඟවා ඇත්තේ.

පුද්ගල ඝාතන සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කංජිපානි ඉම්රාන් 2019 දී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබුණා.

සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි පසුගියදා අධිකරණය ඔහු නිදහස් කරනු ලැබුවේ.

ඇප මත මුදා හැරීමෙන් පසු සැකකරු ඉන්දියාවට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට මධ්‍යම බුද්ධි අංශවලින් සහ විශ්වාසදායක ආරංචි මාර්ගවලින් රාජ්‍ය බුද්ධි අංශයට නිශ්චිත තොරතුරු ලැබී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔහු වෙස් වළාගෙන අධිකරණයෙන් පිටව යාමෙන් අනතුරුව තලෙයිමන්නාරමට ගොස් එහි සිට ඔහුගේ සගයන් මාර්ගයෙන් ඉන්දියාවට පැන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටි බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

කංජිපානි ඉම්රාන් යනු ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ රොයින් සහ කොකේන් සැපයුම්කරුවන් සමඟ දැඩි සම්බන්ධතා ඇති මත්ද්‍රව්‍ය රජෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකරු තමිල්නාඩුවට ඇතුළුවීම සිදුවන්නේ අපරාධ චෝදනාවලට ලක්ව සිටින විදේශීය ජාතිකයන් රඳවා සිටින තිරුචි හි විශේෂ කඳවුරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් ජාතික විමර්ශන ඒජන්සිය හෙළිදරව් කරන පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03