ශ්‍රී පාදය වන්දනා කරන්න මත් ද්‍රව්‍ය රැගෙන ගියොත් වෙන දේ

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිමට සිදු කරනු ලබන වැටලිම් වැඩි
කිරිමට පියවර ගන්නා බව හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි.

ශ්‍රිපාදය වන්දනා කිරිමට විවිධ මත් රැගෙන පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිම සදහා හැටන් කොට්ඨාශයේ සියලුම
පොලිස් ස්ථානවල නිලධාරින් හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් නිල සුනඛ ස්ටුවඩ්ගේ සහය
මත පරික්ෂා කිරිම් සිදු කරන බවද ඔහු පැවසිය.

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් පැමිනෙන මාර්ගවල හදිසි මාර්ග බාධක යොදවා ශ්‍රිපාද වන්දනාකරුවන් පැමිනෙන රථ වාහන පරික්ෂාවන්ට ලක් කිරිමට නිරන්තරයෙන් පියවර ගන්නා බවත් මේ වන විටත් එවැනි පරික්ෂා කිරිම් තුලින් විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පිරිස් අත් අඩංගුවට ගෙන ඇති බවද විජිතද අල්විස් මහතා පැවසිය.