චීනයේ පාලමක් මත දැවැන්ත අනතුරක්

චීනයේ හෙනාන් පළාතේ පාලමක් මතදී වාහන 200ක් පමණ අනතුරට ලක්ව තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය සහ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුරු සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවූ ස්ථානයේ බොහෝ පිරිසක් තුවාල ලබා සිරවී සිටින අතර ගිනි නිවන ඒකක ඇතුළු සහන කණ්ඩායම් ද එම ස්ථානයට කැඳවා තිබෙනවා.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ප්‍රාදේශීය ගිනි නිවන දෙපාර්තමේන්තුව ගිනි නිවන රථ 11 ක් සහ ගිනි නිවන භටයින් 66ක් එම ස්ථානයට යවා ඇති බවයි.

මුලික තොරතුරුවලට අනුව වාහන 200කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටී අනතුරට ලක්වී ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාදේශීය කාලගුණ විද්‍යා තොරතුරුවලට අනුව Zhengzhou හි දෘශ්‍යතාව මීටර් 500 (අඩි 1,640) ට වඩා අඩුවී තිබෙනවා.

Zhengxin Huanghe පාලම යනු Zhengzhou සහ අසල්වැසි Xinxiang සම්බන්ධ කරන කහ ගඟ හරහා ඇති ප්‍රධාන පාලමක්.

කෙසේවෙතත් මෙම අනතුරින් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00