චීනයේ පාලමක් මත දැවැන්ත අනතුරක්

චීනයේ හෙනාන් පළාතේ පාලමක් මතදී වාහන 200ක් පමණ අනතුරට ලක්ව තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය සහ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුරු සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවූ ස්ථානයේ බොහෝ පිරිසක් තුවාල ලබා සිරවී සිටින අතර ගිනි නිවන ඒකක ඇතුළු සහන කණ්ඩායම් ද එම ස්ථානයට කැඳවා තිබෙනවා.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ප්‍රාදේශීය ගිනි නිවන දෙපාර්තමේන්තුව ගිනි නිවන රථ 11 ක් සහ ගිනි නිවන භටයින් 66ක් එම ස්ථානයට යවා ඇති බවයි.

මුලික තොරතුරුවලට අනුව වාහන 200කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටී අනතුරට ලක්වී ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාදේශීය කාලගුණ විද්‍යා තොරතුරුවලට අනුව Zhengzhou හි දෘශ්‍යතාව මීටර් 500 (අඩි 1,640) ට වඩා අඩුවී තිබෙනවා.

Zhengxin Huanghe පාලම යනු Zhengzhou සහ අසල්වැසි Xinxiang සම්බන්ධ කරන කහ ගඟ හරහා ඇති ප්‍රධාන පාලමක්.

කෙසේවෙතත් මෙම අනතුරින් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?