ත්‍රීරෝද රථ රියදුරු ගේ නොසැලකිලිමත්කම නිසා සිදු වූ මාරක අනතුර

අනුරාධපුර පාදෙනිය මාර්ගයේ තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේ මාරාන්තික රිය අනතුරක් සිදුවී තිබේ.

ත්‍රීරෝද රථ රියදුරු ගේ නොසැලකිලිමත්කම නිසා රිය අනතුර සිදුව ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි.

තුවාලකරුවන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර දෙදනකු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අනිත් තුවාල කරුවන් දෙදෙනා තඹුත්තේගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

මියගිය දෙදෙනා පෞද්ගලික ආයතනයක සේවය කරන ගල්ගමුව ප්‍රදේශයේ තඹුත්ත පදිංචි දෙශාන් මලින්ද හා ඇහැටුවැව කලුන්දෑව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය