බන්ධනාගාරයෙන් මුදාහරි තිළිණි ප්‍රියමාලි සතුටින් පිටව යයි

රුපියල් බිලියන 04කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලිව බන්ධනාගාරයෙන් මුදාහැර තිබේ.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය.

අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණි.