අමාත්‍යාංශ 08ක් සඳහා නව ලේකම්වරු

කැබිනට් අමාත්‍යාංශ 08ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබෙනවා.

2023 වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම් සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ, අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එම්.එම්.පී.කේ. මායාදුන්නේ පත් කර තිබෙනවා.

එච්.කේ.ඩී.ඩබ්ලිව්. එම්.එන්.බී. හපුහින්න රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇති අතර,යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. මහේසන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් කටයුතු කළ එම්. යමුනා පෙරේරා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙසත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.එම්. නයිමුදීන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.

එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පී.පී. ගුණතිලක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇති අතර,ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඒ.එම්.පී.එම්.බී. අතපත්තු පත්කර ඇත්තේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර තිබෙනවා.

එමෙන්ම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන අය නැවත වසරක කාලයක් සඳහා එම ධූරයන්ට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෞකාව අනතුර වුණ ස්ථානයේ සිටියේ ලංකාවට එන්න අවසර ලැබෙනකල් ද ?..නෞකාව ගැන තොරතුරු රැසක් එළියට
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41