මැතිවරණයට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර අවසන් – මැතිවරණ කොමසාරිස්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

නුවරඑළිය මැතිවරණ කොමසාරිස් කාර්යාල ශ්‍රවණාගාරයේ අද (27) සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම වසරේ අවසන් සතියේ දී නාම යෝජනා භාරගැනීමේ දිනය ගැසට් කරන බවට ප්‍රකාශ කර තිබූ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

2023 වර්ෂයේ දී මැතිවරණ සඳහා රුපියල් බිලියන 11ක මුදලක් ඉල්ලා තිබූ බව සඳහන් කළ මැතිවරණ කොමසාරිස්වරයා එම ඉල්ලීමට අනුව රුපියල් බිලියන 10ක මුදලක් මෙවර අයවැය මඟින් මැතිවරණ සඳහා වෙන්කර ඇති බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?