ඉන්දීය නිළි ටූනීෂා ෂර්මාගේ දිවි නසාගැනීමට අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළුවා කළ පාපොච්චාරණය

ජනප්‍රිය ඉන්දීය නිළියක වූ ටූනීෂා ෂර්මා සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී ෂීසාන් මොහොමඩ් ඛාන් ප්‍රශ්න කිරීම් සඳහා හෙට (28) දිනය දක්වා පොලිස් භාරයේ තබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර, 20 හැවිරිදි ටූනීෂා ෂර්මා සියදිවි හානිකරගත් බව කියන වේශ නිරූපන කාමරය සහ රූගත කිරීම් සිදුකළ දර්ශන තලය විශේෂ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ දිනයේ දී පරීක්ෂාවට ලක්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ජනප්‍රිය ඉන්දීය කතා මාලාවකට සම්බන්ධව සිටි ටූනීෂා ෂර්මා එම දර්ශනය තලයයේ පැවති වේශ නිරූපන කාමරයක් තුළ සියදිවි හානිකරගෙන සිටිය දී පසුගිය දා සොයා ගැනුණා.

ටූනීෂාගේ මෙම දිවි නසාගැනීම සම්බන්ධයෙන් ඇයගේ මවවන වනිතා ෂර්මාගේ පැමිණිල්ලකට අනුව ජනප්‍රිය රංගන ශිල්පී ෂීසාන් මොහොමඩ් ඛාන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ෂීසාන් ඛාන් සහ ටූනීෂා ෂර්මා අතර පැවති ප්‍රේම සම්බන්ධය නැවැත්වීමට ෂීසාන් ඛාන් කටයුතු කිරීමත් සමඟ ඇය කනස්සල්ලෙන් පසු වූ බවයි වාර්තා වන්නේ.

“ෂීසාන්, ටූනීෂාව රැවැට්ටුවා. ඔහු මුලින්ම ඇය සමඟ සම්බන්ධයක් ආරම්භ කර, ඇයගේ විවාහයට පොරොන්දු වී පසුව ඇයගෙන් වෙන් වුණා. ඔහු ටූනීෂා සමඟ සම්බන්ධකම් පවත්වමින් සිටියදී වෙනත් ගැහැණු ළමයෙකු සමඟ සම්බන්ධකමක් පවත්වලා තියනවා.” යනුවෙන් සිය දියණියගේ දිවිනසා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටූනීෂාගේ මව පවසා තිබෙනවා.

මේ අතර, ෂීසාන් පොලිසියට පවසා ඇත්තේ තමන් ටූනීෂා සමඟ වෙන් වුවද, තමන් ඇය ගැන සැළකිලිමත් වූ බවත්, උපකාරයක් උවමනා ඕනෑම අවස්ථාවක පවසන ලෙසට ඇයගෙන් ඉල්ලා සිටි බවත්ය.

එමෙන්ම ටූනීෂාව බලාගන්න ලෙස ඇයගේ මවට පැවසු බවත් ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

මේ අතර ටූනීෂා ෂර්මා සියදිවි හානිකර ගන්නා අවස්ථාවේ දර්ශන තලයේ සිටි පුද්ගලයින් හත් දෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන හොල්ලන්න ලෑස්ති වෙන අන්තරේ සෙට් එක
01:06
Video thumbnail
සනත් නිශාන්තගේ අඩුව පුරවන බිරිඳ
01:53
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14