සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරනවා.
දෙමටගොඩ සහ සහ මරදාන අතර සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.
එහිදී ඔහු සඳහන් කර සිටියේ එවැනි ප්‍රමාදයක් පිළිබඳව තමන්ව දැනුවත් කර නොමැති බවත්, තමා මේ මොහොතේ කොළඹින් පිට ප්‍රදේශයක රැඳී සිටින බවත්ය.
කෙසේ වෙතත් එලෙස ප්‍රමාදවන දුම්රිය පිළිබදව තොරතුරක් තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




