59 හැවිරිදි අයෙකු ඝාතනය ගැන ගැහැණු ළමයින් 8කට චෝදනා

කැනඩාවේ ටොරොන්ටෝ හි 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගැහැණු ළමයින් අට දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව කැනේඩියානු පොලිසිය පවසනවා.

ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව වයස අවුරුදු 13 ත් 16 ත් අතර සැකකාර ගැහැණු ළමයින් මෙම පුද්ගලයාට පිහියෙන් ඇන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

හඳුනාගෙන නොමැති මෙම පුද්ගලයා ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ පදිංචිව සිට ඇත්තේ නිවාස නොමැති පුද්ගලයින් රැඳී සිටින නවාතැනකයි.

ටොරොන්ටෝ නගරාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඔහු කියාසිටියේ මෙම නඩුව පිළිබඳව තමා දැඩි කලබලයට පත් වූ බවයි.

ඉරිදා මධ්‍යම රාත්‍රියේ පිහි ඇනුම් තුවාල සහිත පුද්ගලයා සොයා ගැනීමෙන් පසු අවට සිටි පිරිසක් හදිසි සේවා ගිලන් රථ මගින් ඔහු රෝහල් ගතකර තිබෙනවා. කෙසේවෙතත් පසුව ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැනේඩියානු නීතිය යටතේ අනන්‍යතාවය හෙළිකර නොමැති මෙම දැරියන් ප්‍රහාරය සිදුවූ ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අවි ආයුධ රැසක් ද සොයාගෙන තිබෙනවා.

ඔවුන් සමාජ මාධ්‍ය හරහා මුණගැසී ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු මීට පෙර පොලිසිය සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?