AFC Banner
Empty Ad
Empty Ad

දේශීය ආදායම් පනත බලාත්මකයි

පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාද ‍කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (19) සිය සහතිකය සටහන් කළා.

පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති මෙම පනත්කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 41 ලැබුණා.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා ද විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 36ක්.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස අද සිට ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?