ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීමට ස්වාධීන ආයතනයක්

ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ පළමු රැස්වීම ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අනුව ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරිම හා අධීක්ෂණය වෙනුවෙන් ජාතික සභාවක් පත් කළ බවත්, ඒ යටතේ අනු කමිටු 2ක් ස්ථාපිත කළ බවත් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

එහි එක් කමිටුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.

ඒ යටතේ මධ්‍ය හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමේ ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවක් පත් කර තිබෙන අතර පසුගිය දෙසැම්බර් මස 01දා පාර්ලිමේන්තුවේදී පැවති එහි පළමු රැස්වීමේ දී “ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරිම හා අධීක්ෂණය කිරීම වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව” පත් කර ගැණිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන 2023 වසරේ සිට ඉදිරි වසර 25ට සරිලන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වගකීම මෙම කමිටුවට පැවරී තිබේ.

ඒ අනුව නව ජාතික ප්‍රතිපත්තිය සැකසීම සඳහා වූ සිය අදහස් සහ යෝජනා මෙම දෙසැම්බර් 20වන දිනට පෙර ජනාධිපති කාර්යාලය වෙත යොමු කරන ලෙස කමිටුවට උපදෙස් දුන් ජනාධිපති ලේකම්වරයා එහිදී මීට පෙර මෙරට ක්‍රියාත්මක වූ ජාතික ප්‍රතිපත්තිද සැලකිල්ලට ගැනීමේ වැදගත්කම පැහැදිළි කළේය.

නව ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත 2022.12.27 වන දින වන විට කෙටුම්පත් කර කමිටු සාමාජිකයින්ගේ සාකච්ඡාවට එය නැවත බඳුන් කරන බවත්, අවසන් වාර්තාව නීති කෙටුම්පත් කිරීම සඳහා 2023.01.15 දින වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්තා යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ මීට එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47