මානව සංහතිය වෙනුවෙන් දිනයක් වෙන්කරන ලෙස අගමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි.

කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශ්ව සංහිඳියාව සඳහා සාමය පතුරවන්නන්ගේ ජාත්‍යන්තර සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඉල්ලා සිටියේය.

මානව සාරධර්ම සීඝ්‍රයෙන් පිරිහීම මානව සංහතියට ඉතා භයානක තර්ජනයක් බැවින් තම යෝජනාව පිළිබඳ සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?