අපි කියන්නේ ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන්න කියලා

මෙවර ඉදිරිපත් කළ අයවැය ධනාත්මක අයවැයක් බවත් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙන බවත් ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (11) පස්වරුවේ අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදී ය.

හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධිය වැද පුඳාගෙන ආශිර්වාද ලබාගත්තා.

අනතුරුව රුවන්වැලි මහ සෑ පුදබිම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted