විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිපාලන ගැටලු රැසක් එළියට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ පරිපාලන ගැටලු රැසක් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.ඒ පිළිබඳව විධිමත් විමර්ශනයන් සමග කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග ලබා දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 2019 සහ 2020 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව ඊයේ(08) පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) රැස්වූ අවස්ථාවේදීය.

එහිදී විගණකාධිපතිවරයා විසින් සිය වාර්තාවේ පෙන්වා දී තිබූ මූලික කාරණා 21 ක් පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනිණි.

පහත සඳහන් නිර්දේශවල ප්‍රගතිය පරීක්ෂාව සදහා නැවතත් මාස තුනකින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැඳවීමට ද මෙහිදී තීරණය විය.

1. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට අදාළ පනත සම්බන්ධයෙන් ඇති ගැටලු යාවත්කාලීන කිරීම පිළිබද කරුණු මෙහිදී විමර්ශනය කෙරිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන ආයතනයක් ලෙස කටයුතු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට විදේශ සේවා නියෝජිතායතන නියෝජනය කරමින් සිවුදෙනෙකු පත් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමුවිය. ‍කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට අමාත්‍යාංශයේ නියෝජිතයෙකු නොමැති වීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටුව දැනුම් දුන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යාවත්කාලීන කිරීම සදහා කඩිනමින් කටයුතු කර ඒ පිළිබද මූලික වාර්තාවක් මසක කාලසීමාවක් තුළ ඉදිරිපත් කරන ලෙසයි.

2. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතට අනුව උප සභාපති තනතුරක් නොතිබිය යුතු බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන්නේය. එමෙන්ම අමාත්‍යවරයා විසින් කර ඇති පත්වීම නීත්‍යනුකූල නොවන බවත් එවැනි පත් කිරීමක් සදහා පනතේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවත් අමාත්‍යවරයා වෙත වහාම ක්‍රියාත්මක වන පිරිදි ලිපියක් මගින් ඒ බව දන්වන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග මෙහිදී කෙරිණි.පසුගිය කාල සීමාව තුල උක්ත තනතුර දැරෑ පුද්ගලයන් ගනු ලැබු තීරණ නිත්‍යනුකූල නොවන බව දන්වන ලෙසද ලේකම්වරයාට දන්වන ලදි.

3. කාර්යාංශයේ සංයුක්ත සැලැස්ම යාවත්කාලින කර මාස දෙකක් ඇතුලත ඉදිරිපත් කරන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට කෝප් කමිටුව නියෝග කරන ලදි. එ සමගම උපායමාර්ගික සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම සහ අනුප්‍රාප්තික සැලැස්ම ද ඊට ඇතුළත් විය යුතු බවටද උපදෙස් ලබා දෙන ලදී.

4. කම්කරු සුබසාධන අරමුදල වෙනම ගිණුමක් ලෙස පවත්වාගෙන යාම සහ විගණකාධිපතිවරයාගේ මූල්‍ය විගණනයට ලක්කිරීම සදහා වන වැඩපිළිවෙල මෙම මුදල් වර්ෂයේ සිට ක්‍රියාවට නංවන ලෙස නියෝග කෙරිණි. ඒ පිළිබඳව ප්‍රධාන මූල්‍ය නිලධාරියා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දන්වා අධ්‍යක්ෂ මණ්ඩල තීරණය දෙමසක් ඇතුළත කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කෙරිණි.

5. පූර්ව කැබිනට් නිර්දේශයකට අනුව ශ්‍රී ලංකා පොලිසියේ සේවය විමර්ශන කටයුතු සදහා කාර්යාංශය යොදාගෙන තිබුණද දැනට එවැන්නක් ක්‍රියාත්මක නොවන නිසා විමර්ශන කටයුතුවල සිදුවිය හැකි අඩුපාඩු මොනවාද යන්න හදුනා ගැනීම සිදුවිය. ඉහත කැබිනට් අනුමතියට අදාළ වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීම පිළිබඳ කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

එවැනි අවශ්‍යතාවක් නොමැතිනම් එය කැබිනට් මණ්ඩලය වෙත දන්වා ඒ සදහා අවශ්‍ය විධිවිධාන ගන්නා ලෙස ද උපදෙස් ලබා දුන්නේය.

6. විවිධ අක්‍රමිකතාවන් පිළිබඳව විගණකාධිපතිවරයා විසින් හෝ අමාත්‍යාංශ මටිටමින් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශ මට්ටමින් ‍ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකොට වරදකරුවන්ට දඩුවම් නොකිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයන්ට අනුව ඔවුන් නිදොස්කොට නිදහස් කිරීම පිළිබඳව කරුණු සාකච්ඡා විය. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විනය පරීක්ෂණ සංචිතයේ සහයෝගය ලබාගෙන විධිමත් විනය පරීක්ෂණයක් සිදුකොට මසක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

7. විදේශගත ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් ලබා දීමේදී සිදුවී ඇතැයි කියන දෝෂ සහගත තත්ත්වයන් සහ අක්‍රමිකතා පිළිබදව විශේෂ වාර්තාවක් විගණකාධිපතිවරයා වෙතින් කැදවීමට නිර්දේශ විය. එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණාවරණයක් ලබා දීමේ ක්‍රියා පිටිපාටිය පිළිබදව සංක්ෂිප්ත වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

8. විධිමත් අනුමැතියකින් තොරව දිගින් දිගටම කාර්යාංශය මගින් සිදුකළ වියදම් සමිබන්ධයෙන් කරුණු විභාග කළ අතර ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මහාභාණ්ඩාගාරයේ නියෝජිතයා විසින් සම්බන්ධීකරණය කොට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද සංක්ෂිප්ත වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි.

එහිදී මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් ලෙස විවිධ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත්කර යවන පිරිස් නිශ්චිත කාල සීමාවකට පත් කරන ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට නියෝග කෙරිණි.

9. ආයෝජන තීන්දු පමා කිරීම මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුව ඇති අලාභ පිළිබද කෝප් කමිටුව කරුණු විමර්ශනය කළ අතර එවැනි අලාභයක් සිදුව ඇත්තේ එවැනි තීන්දු ගැනීම සදහා වන බලය එක් නිලධාරියෙකුට පැවරීම නිසා බව ද හෙළි විය. එමනිසා කමිටුවක් වෙත එම බලය පැවරිය යුතු යැයි නිර්දේශ කළ කෝප් කමිටුව ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් තුළ දන්වන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට නියෝග කළේය.

10. විදේශ දූත මණ්ඩලවල කම්කරු සුබසාධන කටයුතු සිදුකරන අය පිළිබදව විශේෂ විමර්ශනයක් අභ්‍යන්තර විගණක විිසින් කළයුතුයැයි කෝප් කමිටුව යෝජනා කළ අතර එම වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා මගින් කෝප් කමිටුව වෙත ලැබීමට සලස්වන ලෙස නිර්දේශ කෙරිණි.

11. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විවිධ රටවල රැකියා අවස්ථාවන් සදහා පවත්වන විවිධ වැඩසටහන් මගින් විශාල පිරිසකට පුහුණු අවස්ථාවන් ලැබුණද විදේශගත වීමට අවස්ථාව නොලබන නිසා සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විගණාකාධිපති වාර්තාව මගින් හෙළිදරව් විය. එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දැනුට පුහුණු කිරීම් සදහා යොමුකොට විදේශගත විීමට සූදානම් කර ඇති පිරිස් පිළිබද පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස කාර්යාංශයයේ සභාපතිවරයාට නියෝග කළේය. .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?