මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළ අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරේ

මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාවට ඉදිරිපත් කිරීම පසුගියදා සිදුවිය. ඒ උක්ත අනු කමිටුව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී වෛද්‍ය වෘත්තීය සමිති නියෝජනය කරමින් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ ඖෂධ, ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් ආර්ථික ස්ථායීකරණ කමිටුව මගින් නිර්දේශිත විසඳුම් සහ යෝජනා සහ තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා බොහෝ සෙයින් සමාන බවයි.

තවද රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සීමාවට ගෙන ඒම හේතුවෙන් සේවය කිරීමට කැමැති, වැඩ කිරීමේ හැකියාව සහිත අයව වේලාසනින් අකැමැත්තෙන් විශ්‍රාම යවන ගමන්, රාජ්‍ය සේවයෙන් ඉවත් වූ අයට පෞද්ගලික හෝ විදේශ සේවයේ යෙදීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඇහිරීමේ සූදානමක් ද පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය චන්දන ධර්මරත්න මහතා ප්‍රකාශ කළේය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව අනුව අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය බවත්, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ආර්ථික ස්ථායිකරණ අනු කමිටුවට අදාළ තොරතුරු ජනතාව සමඟ සම්බන්ධ කරගැනීමේ අරමුණ ඇතිව නිර්මාණය කරන ලද ‘වෙබ් අඩවිය’ ද ජනගත කරනු ලැබුවා.

https://youtu.be/K2nV6eJAkdg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු
01:26
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු..කොහොමද දෙන ආරක්ෂාව
02:07
Video thumbnail
ගල් අඟුරු විමර්ශනයට ගම්මන්පිල බයවෙයි - ජනපතිගෙන් ඉල්ලීමකුත් කරයි
02:48
Video thumbnail
ලාල් කාන්තට වැඩ වරදියි - හිරේ යන්නත් පුළුවන්
07:17
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:15:16
Video thumbnail
ජයකොඩි ඉල්ලා අස්වුණු හේතුව ගම්මන්පිල හෙළිකරයි
12:07
Video thumbnail
කාදිනල්ගේ කතාවට ගම්මන්පිල උත්තර දෙයි
11:10
Video thumbnail
ස#රාන්ව වෙන කෙනෙක් මෙහෙයවලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි
04:31
Video thumbnail
තවදුරටත් පාස්කු ප්‍රහාරය ගැන හොයන එකෙන් පලක් නෑ
04:53
Video thumbnail
අපි කෝච්ච ගෞරවයකින් ද මල් පූජා කරන්න ඒත් මේ..
00:33