පොලිස් විශේෂ කාර්ය බලකායෙන් රට පුරා මත්ද්‍රව්‍ය වැටලීම් (ඡායාරූප)

මිල්ලනිය පොලිස් වසමේ මිල්ලනිය වත්ත සහ පරගස්තොට ප්‍රදේශයන්වලදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (05) වැටලීම් කිහිපයක් සිදුකර තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ මත්කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත බවයි එම බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 18-33 වයසේ පසුවන මිල්ලනිය සහ පරගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සන්තයේ තිබී සොයාගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලි ග්‍රෑම් 580ක් සහ මත් කරල් 120ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිල්ලනිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මේ අතර, විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට ඊයේ (05) දින සිදුකළ වැටලීමක දී කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි අයෙක් වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියාවත්ත හංදියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා.

සැකකරු වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර, රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 01යි ග්‍රෑම් 300ක් සැකකරු සන්තකයේ තිබී සොයා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39