spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් විශේෂ කාර්ය බලකායෙන් රට පුරා මත්ද්‍රව්‍ය වැටලීම් (ඡායාරූප)

මිල්ලනිය පොලිස් වසමේ මිල්ලනිය වත්ත සහ පරගස්තොට ප්‍රදේශයන්වලදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (05) වැටලීම් කිහිපයක් සිදුකර තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ මත්කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත බවයි එම බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 18-33 වයසේ පසුවන මිල්ලනිය සහ පරගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සන්තයේ තිබී සොයාගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලි ග්‍රෑම් 580ක් සහ මත් කරල් 120ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිල්ලනිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මේ අතර, විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට ඊයේ (05) දින සිදුකළ වැටලීමක දී කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි අයෙක් වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියාවත්ත හංදියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා.

සැකකරු වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර, රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 01යි ග්‍රෑම් 300ක් සැකකරු සන්තකයේ තිබී සොයා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?