තීරණාත්මක තරගය වෙනුවෙන් නෙයිමාර් අද ලෝක කුසලාන පිටියට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තරගයක් අතර තුර ආබාධයකට ලක්වූ බ්‍රසීල සුපිරි ක්‍රීඩක නෙයිමාර් මේ වනවිට සුවය ලබා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ බ්‍රසීලට අද (05) මුහුණ දෙන දකුණු කොරියාවට එරෙහි තීරණාත්මක තරගය වෙනුවෙන් නෙයිමාර් ක්‍රීඩා කරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තරගාවලියේ මූලික වටයේ බ්‍රසීලය මුහුණදුන් සර්බියාවට එරෙහි තරගය අතර තුර නෙයිමාර් දකුණු වළලුකරේ ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව ඔහුට සිදු වුණේ වෛද්‍ය උපදෙස් මත දින කිහිපයක් විවේකීව සිටීමටයි.

මේ අතර, නේමාර්ගේ නැවත පැමිණීම කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සිදුවන බවත් ක්‍රීඩකයාගේ ශාරීරික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන බවත් බ්‍රසීල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ටයිට් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25
Video thumbnail
සජිත්ට මඩ ගැසීම නිසා මහේෂ්ට යකා නගියි..දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා
09:25
Video thumbnail
කෝටි 20ක් අරන් මහානායක පැනලා ගිහිල්ලා - අපේ සල්ලි අපිට ඕනේ
05:20
Video thumbnail
ගොවීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා - වී මිල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්
04:40
Video thumbnail
බලය මදිලු තවම ඇමතියා කියනවා.. තව මොන බලයක්ද උඹලාට දෙන්න ඕනේ..?
01:51
Video thumbnail
පෙර පිනකට දිවි ගලවාගත් සුදු මහත්තයා...
00:50