spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තීරණාත්මක තරගය වෙනුවෙන් නෙයිමාර් අද ලෝක කුසලාන පිටියට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තරගයක් අතර තුර ආබාධයකට ලක්වූ බ්‍රසීල සුපිරි ක්‍රීඩක නෙයිමාර් මේ වනවිට සුවය ලබා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ බ්‍රසීලට අද (05) මුහුණ දෙන දකුණු කොරියාවට එරෙහි තීරණාත්මක තරගය වෙනුවෙන් නෙයිමාර් ක්‍රීඩා කරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තරගාවලියේ මූලික වටයේ බ්‍රසීලය මුහුණදුන් සර්බියාවට එරෙහි තරගය අතර තුර නෙයිමාර් දකුණු වළලුකරේ ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව ඔහුට සිදු වුණේ වෛද්‍ය උපදෙස් මත දින කිහිපයක් විවේකීව සිටීමටයි.

මේ අතර, නේමාර්ගේ නැවත පැමිණීම කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සිදුවන බවත් ක්‍රීඩකයාගේ ශාරීරික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන බවත් බ්‍රසීල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ටයිට් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?