උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2021 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් කඩඉම් ලකුණු ලබාගත හැකි බවයි ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

කඩඉම් ලකුණු www.ugc.ac.lk වෙබ් අඩවියෙන් ද ලබාගත හැකියි.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසු සිසුවියන් 44,000ක් බඳවා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z Score අගය අනුව තේරී පත්ව ඇති සිසුන් සඳහා ඔවුන්ගේ පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු සති 02ක් ඇතුළත අදාළ සිසුන්ට ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවා.

කෙටි පණිවුඩයක් මාර්ගයෙන් හෝ ඊමේල් හරහා එම තොරතුරු ලබාදෙන බවයි මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

යම් අභියාචනයක් ඇත්නම් එය දින 30ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34