spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2021 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් කඩඉම් ලකුණු ලබාගත හැකි බවයි ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

කඩඉම් ලකුණු www.ugc.ac.lk වෙබ් අඩවියෙන් ද ලබාගත හැකියි.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසු සිසුවියන් 44,000ක් බඳවා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z Score අගය අනුව තේරී පත්ව ඇති සිසුන් සඳහා ඔවුන්ගේ පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු සති 02ක් ඇතුළත අදාළ සිසුන්ට ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවා.

කෙටි පණිවුඩයක් මාර්ගයෙන් හෝ ඊමේල් හරහා එම තොරතුරු ලබාදෙන බවයි මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

යම් අභියාචනයක් ඇත්නම් එය දින 30ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?