ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වෙයි

සහයෝගය දැක්වීමක් ලෙස මන්ත්‍රීවරයන්ට “කාන්තා හිංසනය පිටුදකින්නට අපි එක්වෙමු” යන වැකිය සහිත අත් පළඳනාවක් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්විණි.

මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිණියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටියහ.

“කාන්තා හිංසනය පිටුකින්නටඅපි එක්වෙමු” යන වැකිය සහිත අත් පළඳනාවක් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළඳවන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විසිනි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී විය. මෙහිදී ජනාධිපතිවරයා දන්වා සිටියේ කාන්තා පනත කෙටුම්පතක් කිරීම ඉතා ඉක්මනින් අවසන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

මෑතකදී පාර්ලිමේන්තුවේදී පිහිටුවන ලද ස්ත‍්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පරිශීලනය කිරීම සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය විසින් පරිත්‍යාග කරන ලද ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවයට සහ සමාජ අන්තර්ගතකරණයට අදාළ ප‍්‍රකාශනවල විස්තර ඇතුළත් පත්‍රිකාවක්ද ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

“කාන්තා හිංසනය පිටුදකින්නට අපි එක්වෙමු” වැකිය සහිත අත් පළඳනාව ගරු අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාට, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට , විපක්ෂ නායක ගරු සජිත් ‌ප්‍රේමදාස මහතාට පැළඳවීම සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශය පිළිබඳ පත්‍රිකා පිරිනැමීම ඉන් අනතුරුව සිදු කෙරිණි.






අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00