රටට වෙලා තියෙන දේට පාර්ලිමේන්තුවට විතරක් වගකීම ගන්න බෑ

“පාර්ලිමේන්තුව පමණක් නොව, ශ්‍රී ලංකා මහබැංකුව, මුදල් අමාත්‍යාංශය හා එම නිලධාරීන් ද ජනතාවට වගකිව යුතුයි”

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රටක් වශයෙන් මේ වන විට සියළුම දෙනා මුහුණ දෙමින් සිටින දැවැන්තම අභියෝගය හමුවේ රට යළි ගොඩනැංවීමට නම් සියළු දෙනාගේම දායකත්වයෙන් රාජ්‍ය ආදායම් වර්ධනය කරගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

පසුගිය වසර කිහිපයක් තුළ රටට අත්වූ ඛේදනීය ඉරණම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පමණක් නොව, නිලධාරීන් කිසිදු වගවිභාගයකින් තොරව සිදු කළ මුදල් අච්චු ගැසීම් ආදිය ඍජුවම හේතු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

මෙරට මුදල් සම්බන්ධ බලතල පාර්ලිමේන්තුවට පැවතියද, මුදල් අච්චු ගැසීම, විදේශ විනිමය සංචිත පවත්වා ගැනීම, වෙළෙඳපොලට මුදල් මුදා හැරීම මෙන්ම ආනයන අපනයන පාලනය ද ශ්‍රී ලංකා මහබැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි ආයතන සතුව පවතින බවත්, එම ආයතන වෙත පැවරුණු වගකීම් නිසි අයුරින් ඉටු කළේ නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බව ද හෙතෙම සඳහන් කරන ලදී.

එවැනි ආයතන හා නිලධාරීන් විසින් සිය දැනුම මෙහෙයවා දේශීය හා ගෝලීය ආර්ථික තත්ව පිළිබඳව නිසි පුරෝකථනයන් කළා නම්, කිසිදු ආකාරයක ජනතා පීඩනයක් ඇති නොවන ආකාරයෙන් මෙම ආර්ථික ගැටළුවට මුහුණ දීමට රටට හැකි වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23