යාලට අළුතින්ම එකතු වූ වනෝද්‍යානය

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාදනය යාල ජාතික වනෝද්‍යානයටම අයත් වනජීවී කලාපයක් ලෙස නම් කිරීමට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගත්තේය.

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය යාල වනෝද්‍යානයේ කලාප 6 ලෙස සඳහන් නාම පුවරුව විවෘත කර එම වනෝද්‍යානය යාල ජාතික වනෝද්‍යානයටම අයත් කලාපයක් ලෙස පත් කිරීම වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදුකරනු ලැබුවා.

ඒ අනුව වර්ග කිලෝමීටර් 1260කින් සමන්විත ලුනුගම්වෙහෙර වනෝද්‍යානය එකතුවීමත් සමග තවත් හෙක්ටෙයාර් 27185කින් යාල වනෝද්‍යානය විශාල වෙනවා.