චීන තෙල් නැව කොළඹ වරායට සේන්දු වෙයි

චීන රජය විසින් පරිත්‍යාග කරන ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 රැගත් ‘සුපර් ඊස්ටන්’ ඉන්ධන නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.

සාම්පල් පරික්ෂාවෙන් අනතුරුව නෞකාවේ ඉන්ධන ගොඩබෑමට නියමිත ව ඇත.

අවශ්‍යතා සහිත ගොවින් සහ ධීවරයින් වෙනුවෙන් බෙදාහැරීම සඳහා ඉන්ධන තොගය බලශක්ති අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පැවසුවා.