‘ඔරියන්’ සඳට ලංවෙයි (වීඩියෝ)

ඇමරිකාවේ නාසා ආයතනය පසුගියදා අභ්‍යවකාශ ගත කළ ‘ඔරියන්’ යානය සාර්ථකව සඳෙහි කක්ෂයට ඇතුළු වී තිබෙනවා.

ඒ මඟින් ලබාගත් සඳෙහි සමීප රූපරාමු මේ වනවිටත් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම අවසන් වී වසර 50 කට පමණ පසු නාසා චන්ද්‍ර යානයක් සඳට වෙත යැවූ පළමු අවස්ථාව මෙය වන අතර, මේ සඳහා ඩොලර් බිලියන 04 යි දශම 01ක් වැය කර තිබෙනවා.

ඔරියන් යානය දින 25ක මෙහෙයුමකින් අනතුරුව ලබන 11 වනදා යළි පෘථිවිය වෙත ළඟාවීමට නියමිතව බවයි නසා ආයතනය සඳහන් කළේ.

https://youtu.be/bsS6HbD-YjY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?