කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ මෙරටට පැමිණීම තහනම් කෙරේ

ජාවාරම් කිරීමේ අරමුණෙන් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ අවසරයකින් තොරව කැරට් 22කට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟින් පැමිණීම අත්හිටුවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමගින් කිසිදු පීඩාවක් ඇති නොවන බවද පැවසුවා.

මේ අතර රන් භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමාණයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව අසන්න රටවල් වෙත ගුවන් මගින් ගමන් කරමින් කැරට් 24 රන් පළඳනා සකස් කරගෙන මෙරටට පැමිණෙන බව ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ජාවාරම්කරුවන් දෛනිකව රත්‍රන් කිලෝ 50ක් පමණ මෙරටට රැගෙන එන බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.

එමඟින් මාසයකට රටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 30ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33