ජාවාරම් කිරීමේ අරමුණෙන් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ අවසරයකින් තොරව කැරට් 22කට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟින් පැමිණීම අත්හිටුවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමගින් කිසිදු පීඩාවක් ඇති නොවන බවද පැවසුවා.
මේ අතර රන් භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමාණයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව අසන්න රටවල් වෙත ගුවන් මගින් ගමන් කරමින් කැරට් 24 රන් පළඳනා සකස් කරගෙන මෙරටට පැමිණෙන බව ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ජාවාරම්කරුවන් දෛනිකව රත්‍රන් කිලෝ 50ක් පමණ මෙරටට රැගෙන එන බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.
එමඟින් මාසයකට රටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 30ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.














DONE AS MONEY LAUNDERING BY MOST TAMIL JEWELLARS CHECK PASSPORTS AND SEE THE NUMBER OF TRIPS TO INDIA FOR A YEAR!