හිමිනමක් සමඟ හිතවත් වූ 71 හැවිරිදි කතක් හිමිනමගේ කෝටි ගාණනකට විදලා

භික්ෂූන් වහන්සේ නමකගෙන් රුපියල් කෝටි පහකට ආසනන් මුදලක් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත පුවතක් මෙරට ජාතික පුවත් පතක් අද (26) වාර්තා කර තිබුණා.

කලක සිට විහාරාස්ථානයේ පිංකම් ඇතුළු වැඩ කටයුතුවලට සහභාගී වෙමින් අදාළ හිමිනම සමඟ හිතවත්කමක් ගොඩනගා ගත් 71 හැවිරිදි කාන්තාවක් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර කාන්තාව විසින් කඩවත ප්‍රදේශයේ තමා නමින් ඇති ඉන්ධන පිරවුම්හළක් භික්ෂූන් වහන්සේට ලබාදෙන බව පවසා මෙම මුදල් වංචාව සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මෙම වංචාවට හසුව ඇත්තේ කැලණිය ප්‍රදේශයේ විහරාස්ථානයක විහාරාධිකාරී හිමි නමක් බවයි වාර්තා වුණේ.

සැකකාර කාන්තාව සතුව කඩවත සහ ගනේමුල්ල යන ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් දෙකක් ඇති බවට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ කාන්තාව කැලණිය, පමණුවිල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59