13 හැවිරිදි දැරියක් පැහැරගෙන පලාගොස් සැඟව සිටින මොහු ගැන ඔබ දන්නවා ද ? (ඡායාරූප)

13 හැවිරිදි දැරියක් නිත්‍යානුකූල භාරකාරීත්වයන් අපහරණය වූ බවට මවක් ඉඟිනියාගල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පසුගිය 22 වනදා දැරිය මෙලෙස අපහරණයට ලක්වූ බවයි දැරියගේ මව පොලිසියට පැමිණිලිකර ඇත්තේ.

දැරිය අපහරණය සිදුකළ සැකකරු මේ වනවිට දැරියත් රැගෙන ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවටයි වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

සුමිත් ගුණවර්ධන නැමැති 47 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු දඹගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 – 8591150 / 063 – 2242022 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සැකකරුගේ ඡායාරූපය පහතින්..

WhatsApp Image 2022 11 25 at 12.43.33 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?