මල් වට්ටියක් රැගෙන ගොස් අගමැතිකමට ඉල්ලුම් නොකළ බව සජිත් කියයි

මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබාගැනීමට තමන් ඉල්ලුම්පතක් ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා
.
අද (25) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මීට පෙර තමන් ලියූ ලිපියක් ගැන සභාවේ ඊයේ දිනයේ කතා කෙරුණු බවත්, තමා එම ලිපිය යොමු කළේ තමාගේ තනි තනිමතයට නොවන බවයි විපක්ෂ නායකවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

පක්ෂයේ සියලු දෙනාගේ අදහස් සැළකිල්ලට ගෙන ඔවුන්ගේ අවබෝධයෙන් එම ලිපිය යොමුකළ බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා අගමැති ධූරය බාර ගන්නැයි තමාගෙන් පුන පුනා ඉල්ලීම් කළ බවත්, ඒ අවස්ථාවේ දී ඊට ලිඛිතව පිළිතුරක් යැවූ බවත් විපක්ෂනායකවරයා පවසා සිටියා.

ඒ, අවස්ථාවේ දී අන්තර්කාලීන කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කොන්දේසි 04ක් හිටපු ජනාධිපතිවරයා වෙත ඉදිරි පත් කළ බව ද සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?