මල් වට්ටියක් රැගෙන ගොස් අගමැතිකමට ඉල්ලුම් නොකළ බව සජිත් කියයි

මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබාගැනීමට තමන් ඉල්ලුම්පතක් ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා
.
අද (25) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මීට පෙර තමන් ලියූ ලිපියක් ගැන සභාවේ ඊයේ දිනයේ කතා කෙරුණු බවත්, තමා එම ලිපිය යොමු කළේ තමාගේ තනි තනිමතයට නොවන බවයි විපක්ෂ නායකවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

පක්ෂයේ සියලු දෙනාගේ අදහස් සැළකිල්ලට ගෙන ඔවුන්ගේ අවබෝධයෙන් එම ලිපිය යොමුකළ බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා අගමැති ධූරය බාර ගන්නැයි තමාගෙන් පුන පුනා ඉල්ලීම් කළ බවත්, ඒ අවස්ථාවේ දී ඊට ලිඛිතව පිළිතුරක් යැවූ බවත් විපක්ෂනායකවරයා පවසා සිටියා.

ඒ, අවස්ථාවේ දී අන්තර්කාලීන කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කොන්දේසි 04ක් හිටපු ජනාධිපතිවරයා වෙත ඉදිරි පත් කළ බව ද සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17